Serenity-Group-clarifies-connection-to-Rajapaksas-in-Uganda

උගන්ඩාවේ සෙරනිටි ගෘප් ව්‍යාපාරය හා ශ්‍රී ලංකාවේ රාජපක්‍ෂ පවුලට එහි ඇතැයි පැවසෙන සම්බන්ධයක් ගැන සමාජ මාධ්‍යවල පළ කෙරුණු පෝස්ට් කිහිපයකින් පසුව, එය. ශ්‍රී ලංකාවේ මහජනතාව අතර පවතින වැරදි මතයක් යැයි පවසමින් සෙරනිටි ගෘප් සමාගම එම පෝස්ට් ඉවත්කර ගැනීමට නීති උපදෙස් ලබාගෙන තිබේ.

එම සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, සිය සමාගමේ නිර්මාතෘවරුන්, මෙහෙයුම් සහ ව්‍යාපාරික පැතිකඩ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.ඒ අනුව, උගන්ඩාවේ සෙරනිටි ගෘප් විසින් දේශපාලනඥයන්ගෙන් හෝ ශ්‍රී ලංකා රජයෙන් කිසිදු ආයෝජනයක් හෝ මූල්‍ය ආධාරයක්ම තමන්ට ලැබී නොමැති බව නැවත අවධාරණය  කරන ලදී.



මේ මස මුලදී. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා උගන්ඩාවේ සෙරනිටි ගෘප් සමාගම්වල ඇ.ඩො. බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට ලිපියක්ද සමාජ මාධ්‍යවල හුවමාරු වීය. “සෙරනිටි ගෘප් සහ එහි අනුබද්ධ සමාගම් ආරම්භයේ සිටම ප්‍රශස්ත වර්ධනයක් ඇති කර ගනිමින්, බොහෝ ශ්‍රී ලාංකිකයන්ට සහ උගන්ඩා ජාතිකයන්ට රැකියා ලබාදී තිබෙනවා. අපි ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව විදේශ ප්‍රේෂණ ගලා ඒමට සලසමින්, ශ්‍රී ලංකාවට ආඩම්බරයෙන් අඛණ්ඩව සහයෝගය දෙනවා” යැයි සෙරනිටි සමූහය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. අධ්‍යක්‍ෂවරුන් වන රුවන් ජයරත්න සහ දේවක ඒකනායක යන අයගේ ව්‍යාපාරික අවශ්‍යතා අනුව යමින් උගන්ඩාවේ සෙරනිටි ගෘප් ආරම්භ කළ බවද එම නිර්වේදනයේ සඳහන් විය. මෙම ව්‍යාපාර සමූහය, නයිල් හෙවි ඉංජිනියරින් ලිමිටඩ් නම් අනුබද්ධ ආයතනයක් හරහා ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිවල සැපයුම් සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ලබාගෙන ඇති අතර,



 "කැෆේ සිලෝන්' සහ 'බේක්හවුස්' යන ආයතන දෙකක් සමග ආහාර සහ පාන වර්ග අංශයටද ඇතුළු වී ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උගන්ඩාවේ සංචාරයක් අතරතුර කැෆේ සිලෝන් වෙතද වරක් ගොස් තිබිණි.
"මෙය සිදු වූයේ, 2016 මැයි මාසයේදී වන අතර, මෙම සිදුවීම එදින පැමිණ සිටි අනෙකුත් දේශපාලනඥයන් සමගද ප්‍රචාරය වුණා. අපි 2020දී ආහාර සහ පාන වර්ග ව්‍යාපාරවලින් ඉවත් වූවා. අපගේ සියලුම අනුබද්ධිත සමාගම් අපගේ වෙබ් අඩවියේ විවෘතව සහ ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කර ඇති අතර, තොරතුරු තාක්‍ෂණ ගැටලුවක් හේතුවෙන් උගන්ඩාවේ සෙරනිටි ගෘප් අක්‍රීය කාලයක් ඇති වූයේ මෑතකදී පමණයි” යනුවෙන් එහි දැක්වේ. සෙරනිටි ගෘප් යටතේ නැගෙනහිර අප්‍රිකානු කොන්ක්‍රීට් නිෂ්පාදන සමාගම (EACPL), උගන්ඩාවේ ග්‍රාමීය විදුලි ව්‍යාපෘති සඳහා කොන්ක්‍රීට් කණු සපයන ප්‍රමුඛතම සැපයුම්කරු වන අතර, එය කොටස් ආයෝජකයන් සහ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් හරහා මූල්‍යකරණය කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

සංස්කෘතික හුවමාරු මුලපිරීමක් සහ සමාජ වගකීමක් ලෙස වරප්‍රසාද ලත් ළමයින් අතර උගන්ඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට තමන් ක්‍රියාකාරී වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

"අපගේ කතාව, අපගේ ඉතිහාසය, සාරධර්ම සහ දැක්ම බෙදාහදා ගැනීමට අප දරන උත්සාහය මහජනතාවට ඒ තත්ත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමටත්, විශ්වාසය අඩු පසරය නිසා ඇති වූ දැවෙන ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු දීමටත් උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”. යනුවෙන් සෙරනිටි ගෘප් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(ෂමිල පෙරේරා)