
ඊයේ මිරිහාන ප්‍රදේශයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුවූ විරෝධතාවන් ගැන අද දින ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශේෂ පුවත් වාර්තා කර තිබේ. අල්ජසීරා,වොෂින්ටන් පෝස්ට්,ඒපී,ඒඑෆ්පී හා හින්දුස්ථාන් ටයිම්ස් ඇතුළු මාධ්‍ය මගින් මේ වනවිට ඡායාරූප සහිතව පළ කර ඇති විස්තර වලින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනපති පළවා හැරීමට ජනතාව වීදි බැස ඇති බවයි.විරෝධතාවට එක්වූ පිරිස් සම්මුඛ සාකච්ඡාවන්ට ලක්කරමින් මෙම විරෝධය ගැන කරුණු සොයා බලා ඇති
ජාත්‍යන්තර මාධ්‍යවේදීන් එම මාධ්‍ය වෙත වාර්තා කර ඇත්තේ ඉහළ ගිය ජීවන වියදම, ගෑස්,විදුලිය,ඛණිජ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගය රජයේ දුර්වලතාව නිසා සිදුවූවක් බැවින් ඒවා කළමනාකරණය කර ජනතාවට ලබාදීමට රජය අපොහොසත්වීම නිසා එල්ලවී ඇති පීඩනය දරාගන්නට බැරිම තැන මෙලෙස විරෝධතාවට එක්වූ බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී තත්වයන් දේශපාලන අර්බුදයක් දක්වා දික්ගැසී ඇති බවට කරුණු දක්වන මෙම මාධ්‍ය වාර්තා ගැන ජාත්‍යන්තර අවධානය දැන් යොමුව ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval