Disciplinary-action-against-the-police-officer-who-told-your-children-that-tear-gas-is-being-fired

 කොළඹ ජනාධිපති කාර්යාල අසල පැවැත්වෙන විරෝධතාවය අසලදී පොලිස් නිලධාරියෙකු කළ අදහස් දැක්වීමකට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.


මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බවත්, අනාවරණය වන තොරතුරු මත වෙනත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
මෙම නිලධාරියා ගාලු මුවදොර පිටියේ සිට අදහස් දක්වමින් විරෝධයට සහය පළ කළ අතර ඔහු මෙසේ කියා තිබුණි.
‘බස් තිබුන් නෑ පාන්දර 4 යි මේකට එනකොට... මේ ජනපීඩක ආණ්ඩුවට මං එදා ඉඳන්ම විරුද්ධයි. මොකක්ද මුන් කරන්නේ. මං පෝලිං කීයක් දැක්කද මේ අවුරුද්ද ලබන මොහොත.. මේ ෆීල්ඩ් එකේ ඉන්නවා මෙහෙම හිතන අය ඕන තරම් මං කියන්නෙ බැහැපල්ලා කියලා. බැහැපල්ලා බැහැපල්ලා.. අපේ අය දාන ඔය කඳුළු ගෑස් වදින්නෙ උඹලගෙ දරුවන්ට කියල මං උන්ට කියන්නෙ. මේ අය රකින එකේ තේරුමක් නැහැ. ඒකයි මං ආවෙ. ප්‍රශ්න ඒවි මං මෙහෙම කිව්වම.. මං පතල් වැඩ කරල හරි ජීවත් වෙනවා.‘
Video Below