
චීනය විසින් මෙරට දේශපාලන පක්ෂ හරහා අඩු ආදායම්ලාභී පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර මලු බෙදාදීමට කටයුතු කර ඇත. කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරන ආකාරයට එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම ආහාර මලු බෙදාදීම සිදුකෙරේ.
ඒ අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීම මත මෙරට අඩු ආදායම්ලාභී පවුල් වෙත රුපියල් 5000ත් 10,000ත් අතර වටිනාකමකින් යුතු ආහාර මලු බෙදාදීම සිදුකෙරේ. එම ආහාර මලු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 16ක් මගින් බෙදාදීමට කටයුතු කරන බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
මෙහි පළමු පියවර පසුගිය අප්‍රේල් 09වැනිදා ආරම්භ කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් බෙදාදෙන ආහාර මලු නිල වශයෙන් එම පක්ෂ නායක, මෛත්‍රිපාල සිරිසේන වෙත භාරදීම සිදුකර ඇත. එදිනම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙතද, එම පක්ෂය මගින් බෙදාදීමට නියමිත ආහාර මලු ලබාදී තිබේ. මීට අමතරව සමගි ජන බලවේගය මගින් බෙදාදීමට නියමිත ආහාර මලු, එම පක්ෂයේ නියෝජිතයන් වෙත භාරදීම පසුගිය 10වැනිදා චීන තානාපති කාර්යාලය සිදුකර ඇත.
මීට අමතරව මල්වතු හා අස්ගිරි හිමිවරුන් බැහැදැකීමට ගිය චීන තානාපතිවරයා භික්ෂූන් සඳහාද ආහාර පරිත්‍යාග සිදු කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval