A-hint-from-Kim-Jong-Un-that-he-is-ready-for-a-nuclear-attack

උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් න්‍යෂ්ටික අවි ප්‍රතිපත්තියේ වෙනසක් ඇඟවුම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළව තිබේ. ඊට හේතුවී ඇත්තේ පූර්ව න්‍යෂ්ටික ප්‍රහාරයක් කළ හැකි බවට ඔහු යෝජනා කිරීමෙනි.
මෙය ආයුධ මුළුමනින් වැලැක්වීම සහ ආරක්ෂාව සඳහා වූ ඔහුගේ පෙර ස්ථාවරයේ වෙනසක් බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



මේ සතියේ උතුරු කොරියාවේ Pyongyang හි දැවැන්ත හමුදා පෙළපාලියකදී කතා කරමින්, ආඥාදායකයා තම රටේ න්‍යෂ්ටික අවි ගබඩාව සංවර්ධනය කිරීම වේගවත් කරන බවට දිවුරුම් දුන්නේය.
ඔහු නිදැල්ලේ මේ ආකාරයට කථා කරන්නට ඉඩ ලැබී ඇත්තේ ඇණහිට ඇති එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සහ ඒ සම්බන්ධ කිසිවක් නොකරන දකුණු කොරියාවේ ගතානුගතික පාලනය මධ්‍යයේ ය.

ආයුධවල මූලික මෙහෙවර “යුද්ධය වැලැක්වීම” වන බවත්, ආයුධ “යුද්ධයක් වැළැක්වීමේ සීමාවන් තුළ පමණක් සීමා කළ නොහැකි” බවත් කිම් ජොන්-උන් හමුදා පෙළපාලියේදී පැවසීය.

එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය KCNA අඟහරුවාදා මෙම කාරණා වාර්තා කර තිබුණි

“ඕනෑම බලවේගයක් අපගේ රාජ්‍යයේ මූලික අවශ්‍යතා උල්ලංඝනය කිරීමට උත්සාහ කරන්නේ නම්, අපගේ න්‍යෂ්ටික හමුදාවන්ට එහි අනපේක්ෂිත දෙවන මෙහෙයුම තීරණාත්මක ලෙස ඉටු කිරීමට සිදුවනු ඇත,” කිම් භයානක ඉඟි සපයමින් පැවසීය.