
මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ පැවති විරෝධතාවට හේතුවෙන් අත්අඩංගුවට ගෙන දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් 23 දෙනෙකු අනිද්දා (අප්‍රේල් 4) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පොලිසිය සඳහන් කළේ,නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මොවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම නියෝගය ලබා දී ඇති බව ය. මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (අප්‍රේල් 1) නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සැකකරුවන් 27 දෙනෙකුගෙන් 6 දෙනෙකු අප්‍රේල් 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
සෙසු සැකකරුවන් 21 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval