මුලු රටම හරි මගට දසවැදෑරුම් යෝජනාවලිය අද සවස ජයවර්ධනපුර කොට්ටේදී එළිදැක්වුණි.ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක් විසින් සකස්කරන ලද මෙම යෝජනාවලිය ආර්ථික අර්බුධයෙන් ගොඩඒම සඳහා ක‍්‍රියාත්මක කළ යුතු යෝජනාවලියක් ලෙස සකසා ඇත.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,අමාත්‍යවරුන් වන විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර,උදය ගම්මන්පිල,විජය ධරණී ජාතික සභාවේ නායක අතුරලියේ රතන හිමි ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල මන්ත‍්‍රීවරුන් 30ක් පමණ සහභාගී වූහ.
අද සවස පැවැති ‘මුලු රටම හරි මගට’ රැස්වීමේදී උග්‍ර විදේශ විනිමය අර්බූදය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර ඇති ගැටුම ප්‍රසිද්ධියේම රටට අනාවරණය කළේය.
මෙහිදී වීරවංශ මහතා පෙන්වා දුන්නේ කබ්රාල් මහතා විසින් යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට මාස 6ක් ගියද තවමත් මුදල් ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් හෝ සිදු කොට නොමැති බවකි.
එමෙන්ම වීරවංශ මහතා මෙම කතාවේදී ජනපතිවරයාට හා මුදල් ඇමතිවරයාට තවත් බරපතළ චෝදනා ගණනාවක්ම එල්ල කිරීමට පියවර ගත්තේය.
Comments
Post a Comment
Your comment will be visible after approval