අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට පසුපෙළ අසුන් පැනවීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, හැත්තෑ තුන්වන සහ හැත්තෑ අටවන අසුන් ඔවුන්ට වෙන්කර ඇති බවය.
පාර්ලිමේන්තුව ලබන 08 වනදා යළි රැස්වීමට නියමිත අතර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පසුගියදා දිව්රුම්දුන් එස්.බී දිසානායක මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ දෙවන අසුන වෙන් කර තිබේ.
එම අසුනේ සිටි ජී.එල් පීරිස් අමාත්‍යවරයාට අසුන් ගැනීම සඳහා දස වන ආසනය වෙන් කර ඇති බව සඳහන් වේ.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වු දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට තිස්වන ආසනය වෙන් කර ඇති අතර නැවතත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට වෙන්කර ඇත්තේ තිස්හය වන ආසනය බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval