අද (8) දින පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීමේ දී යම් යම් වෙනස්කම් සිදුකර ඇත.අමාත්‍ය ධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශය සහ උදය ගම්මන්පිල යමන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන් පැනවීමට පියවර ගෙන ඇති අතර 73 වන හා 78වන අසුන් ඔවුන්ට පනවා තිබේ.
කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.බී. දිසානායක මහතාට ආණ්ඩු පක්ෂයේ 02 අසුන හිමිව ඇති අතර එම අසුනේ සිටි විදේශ අමාත්‍ය ජි.එල්.පීරීස් මහතාට ද 10 වන අසුන වෙන්කර ඇති බව වාර්තා වෙයි.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස තේරී පත් වු දිලුම් අමුණුගම මහතාට 30 වන ආසනය වෙන්කර ඇති අතර නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දු මහතාට 36 වන ආසනය වෙන්කර තිබෙයි.
ජාතික නිදහස් පෙරමුණේ නායකයන් අද (08දා) විශේෂ දේශපාලන තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ එම විශේෂ දේශපාලන තීන්දුව අද පස්වරු 1.30ට කොට්ටේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval