
විදුලි කප්පාදුව පැය 10ක් දක්වා දිර්ඝ කිරිම සහ තම තේ වතු යායවල් වලට අවශ්‍ය ඩිසල් ඉන්ධන
නොලැබිම හේතුවෙන් හෙට (31දා) සිට තේ වතු වල දෛනික වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරිමට
පියවර ගන්නා බව වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටියි.
විදුලි කප්පාදුව සමග තේ කර්මාන්ත ශාලාවේ තේ කුඩු නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ විදුලි උත්පාදන
යන්ත්‍රයෙන් ලබා ගන්නා විදුලියෙන් බවත්, එම යන්ත්‍රය සදහා දිනකට ඩිසල් ඉන්ධන විශාල ප්‍රමාණයක්
අවශ්‍ය බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.
තේ දළු ප්‍රවාහනයේ සිට තේ කොල නිෂ්පාදනය සදහා විදුලිය අත්‍යවශ්‍ය බවත්, තේ දල්ල තේ කුඩු
දක්වා පත් කිරිමට නිසි වේලාවක් ඇති බවත්, එම කාලය තුල තේ කුඩු නිෂ්පාදනය කිරිමට නොහැකි වුවහොත්
තේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර වල තිබෙන අමු තේ දළු සම්පුර්ණයෙන්ම විනාශ වන බව වතු අධිකාරිවරු පැවසූහ.
තවද තේ දළු නිසි වේලාවට නෙලිමට නොහැකි වුවහොත් තේ දළු අධික ලෙස වර්ධන විමෙන් පසු තේ දළු
කපා ඉවත් කිරිමට සිදු වන බවද වතු අධිකාරිවරුන් කියා සිටියි.
තේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ඩිසල් ඉන්ධන ලබාදිමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස වතු
අධිකාරිවරුන් ඉල්ලා සිටියි.
- හැටන් රංජිත් රාජපක්ෂ
Comments
Post a Comment
Your comment will be visible after approval