කල්පිටියේ සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මීරිගම සිට පැමිණි යතුරුපැදි සවාරිය නතර කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊයේ (17) දිනයේ සිට හෙට (19) දිනය දක්වා පැවැත්වීමට නියමිත තිබූ මෙම යතුරුපැදි සවාරිය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජය තුළ දැඩි කතා බහක් ඇති කර තිබුණි.
යතුරුපැදි සවාරියට ඊයේ (17) දිනයේ දී පුත්තලම, දළුව ප්‍රදේශයේ දී දැඩි විරෝධයක්ද එල්ල විය.
සුපිරි පන්නයේ යතුරුපැදි සහ අධි සුඛෝපභෝගී රථ යොදාගනිමින් මෙම රථ සවාරිය කල්පිටියේ සිට අනුරාධපුර ගමන්කිරීමට නියමිතව තිබුණි.
මෙම යතුරුපැදි සවාරියට විරෝධතාව පළකළ පුද්ගලයින් පවසා සිටියේ ඉන්ධන හිඟයක් පවතින මෙම කාලවකවානුව තුළ ඉන්ධන විශාල වශයෙන් නාස්තිකරමින් මෙවැනි කටයුතු සිදු කිරීම ඵලදායි නොමැති ක්‍රියාවක් බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval