
ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ශේන් වෝන්ගේ අනුස්මරණ අවමංගල්‍ය උත්සවයේ
ප්‍රවේශපත්‍ර වාර්තාගත අලෙවියක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ අනුව එළැඹෙන 30 වැනිදා ශේන් වෝන්ගේ අනුස්මරණ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව සහිතව
මෙල්බර්න් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. එම අවස්ථාව නැරඹීම
වෙනුවෙන් නිකුත් කර තිබූ ප්‍රවේශපත්‍ර හතළිස් දහසකට අධික ප්‍රමාණයක් ඒවා නිකුත් වි පැයක් තුළ
අලෙවි වී අවසන් වූ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත.
තායිලන්තයේදී පසුගිය මාර්තු 4 වැනිදා අභාවප්‍රාප්ත වූ ශේන් වෝන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු
පසුගියදා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. කෙසේ වෙතත් ශේන්
වෝන් වෙනුවෙන් පැවැත්වෙන අනුස්මරණ අවමංගල්‍ය උත්සවය මෙලෙස රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන
30 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval