
යුක්රේන බෙලරුස් දේශසීමාවේදී රුසියන් යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ සාම කතා පැවැත්වෙද්දී, යුක්රේනයට සහාය පළ කරමින් ඊට සහභාගී වූ රුසියන් බිලියනපති රෝමන් ඒබ්‍රමෝවිච් හිටි හැටියේ රෝගී වූයේ රුසියාව ඔහුට වස දුන් නිසා දැයි සැකයක් මතුවී තිබේ. රෝමන් ඒබ්‍රමෝවිච් එංගලන්තයේ චෙල්සි පාපන්දු
සමාජයේ හිමිකරුවන අතර, සාම කතාවලට සහභාගී වීමෙන් පසු ඔහු සහ යුරේන සාම නියෝජිතයන් දෙදෙනකු හිටිහැටියේ සුදුමැලි වී රෝගී වූ බව පැවැසෙයි.
ඔවුහු චර්ම රෝගී තත්ත්වයකට ද මුහුණ දුන්නා. වෛද්‍යවරුන්ට පවා ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි නිවැරදිව පැහැදිලිව කීමට නොහැකි විය. ඒ අනුව, බොහෝ දෙනා සැක කරන්නේ සාම කතා කඩාකප්පල් කිරීමේ අරමුණින්, රෝමන් ඒබ්‍රමෝවිච්ට වස දීමට රුසියන් ජනාධිපති පුටින් පියවර ගන්නට ඇති බවය. කෙසේ නමුත්, ඇමෙරිකාව පවසා ඇත්තේ එසේ වස දීමක් සිදුවුණු බවට තමන්ට කිසිදු තොරතුරක් ලැබී නැති බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval