රඹුක්කන හේනේපොල ප්‍රදේශයේ දී තම බිරිය ඝාතනය කළ බව පවසමින් සැමියෙකු පොලිසියට පැමිණ භාරවී තිබේ.
පවුල් ආරවුලක් මත මුගුරකින් පහර දී එම ඝාතනය සිදුකර ඇති බවට ඔහු තොරතුරු සැපයූ අතර ඒ අනුව පොලිසිය ගොස් සිදු කළ විපරමේදී 62 හැවිරිදි රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක අවාසනාවන්ත ලෙස මියගොස් තිබී හමුවිය.
මෙම යුවළට දාව දියණියකද සිටින අතර ඇය විවාහකව වෙනම පදිංචි බව පැවසේ. ‘අම්මාත් තාත්තාත් බේරගන්න බැරි තරමට නිතර රණ්ඩු වීම‘ දියනිය වදයක් ලෙස සලකා ඇත.
අඹුසැමි යුවළ අතර කලක සිට ආරවුල් පැවති නිසා සිය දියණියමහනුවර ප්‍රදේශයේ ඇගේ නිවසට පියාව රැගෙන ගොස් පියා බලාකියාගෙන සිටි බවද පැවසේ.
කෙසේ වෙතත් මේ කාලයේ ඔවුනට පැවති නඩු කටයුත්තක් සඳහා පියාව නැවත නිවසට ගෙනවිත් තබාගන්නට සිදුව ඇති අතර එසේ පැමිණ සිටිය දී මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.
ඝාතනයට සම්බන්ධ 65 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval