අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතාගේපරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහු නිර්දෝෂි බවට ඊයේ ප්‍රකාශ කළ බැවින් නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.
සී.බී. රත්නායක මහතා - වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
දිලුම් අමුණුගම මහතා - ප්‍රවාහන අමාත්‍ය
විමලවීර දිසානායක මහතා - ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු මහතා - පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
( ඡායාරූප : රොෂාන්ත කිරිවත්තුඩුව - ජනාධිපති මාධ්‍ය අංශය )
Comments
Post a Comment
Your comment will be visible after approval