කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල, හිඹුටාන, රත්මලාන සහ දෙහිවල – ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙයි.
එමෙන්ම කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකරයි.
නල මාර්ගයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ඊයේ (18) රාත්‍රි 08.00ට පමණ ජල සැපයුම අත්හිටුවීමට සිදු වූ බව ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval