
එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාවෙහි රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනෙකු නෙරපා හැරීමට රුසියාව කටයුතු කළේය. බෝල්ටික් රාජ්‍යයන් ලෙස හැඳින්වෙන මොවුන් මින් පසු රුසියාව සමග සබඳතා පැවැත්වීම අවශ්‍ය නැති බව පුටින් දන්වා ඇත.
බෝල්ටික් රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනාම පිටුවහල් කළ බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උතුරු යුරෝපයේ බෝල්ටික් මුහුදට මායිම් වූ මෙම රටවල් රුසියාවට යුක්රේන ප්‍රහාරයේදී සහය නොදැක්වීම හේතුවී ඇතැයි සඳහන්වේ.
ලොව දෙවන විශාලතම බලවතා වන රුසියාව පෙබරවාරි 24 වනදා අලුයම සිට යුක්රේනයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මාසයක් ඇතුළත රටේ බොහෝ නගර සුන්බුන් බවට පත් වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval