
සිගිති දැරියක කර හොවා ගෙන බෝතලයෙන් කිරි පොවමින් පියකු යක්කල පොලීසිය වෙත පැමිණ සිටියේ අවුරුදු දෙකක සහ මාස නවයක දැරියන් දෙදෙනකු අසරණව සිටින බැවින් ඔවුන්ගේ මව සොයා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.
ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින තමන්ගේ 35 හැවිරිදි බිරිඳ ආගිය අතක් නොමැති බැවින් ඉතා අසරණ තත්වයකට පත්ව ඇති බවත් මවගේ කිරි පමණක් බීම සිදු කළ නව මස් දැරිය පිටිකිරි බීමට අකැමැති බැවින් තමන් කරකියා ගත නොහැකිව පසුවන බවත් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් හමුවේ එම පියා හැඬු කඳුළෙන් පවසා සිටියේය. ස්වයං රැකියාවක නියුතු තමන් නිවසෙහි නොසිටි අවස්ථාවක දරු දෙදෙනා තනි කොට නිවෙසින් පිටව ගොස් ඇති බවත් ඇඳ සිටි ඇඳුම් පිටින් ගොස් ඇති බිරිඳ මුදල්, රන් භාණ්ඩ හෝ ජංගම දුරකතනය හෝ රැගෙන ගොස් නැති බැවින් ඇය අතුරුදන්වීම කුමක්දැයි යන්න තමාට සිතාගත නොහැකි බවත් ඔහු පොලීසිය හමුවේ පැවැසීය.
ධම්මිකා රත්නායක නමැති සිය බිරියගේ ගම් ප්‍රදේශය බදුල්ල, පිටමාරුව බව සඳහන් කළ සැමියා එම සෑම තැනකම සොයා බැලුවද හමු නොවූ බවද ස්ථානාධිපතිවරයා හමුවේ ඔහු පැවසුවේ ඇය කිසියම් රෝගී තත්වයකට ප්‍රතිකාර ලබාදීමට සූදානමින් සිටි බවද සඳහන් කරමිනි. මෙම දෙදරු මව අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් බණ්ඩාර සහ උපපොලිස් පරික්ෂක කරුණාරත්න යන මහත්වරු කටයුතු සිදු කරති.
තිලකරත්ත දිසානායක(lankadeepa)
Comments
Post a Comment
Your comment will be visible after approval