අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සේවය කරනු ලබන ග්‍රාම නිලධාරීවරයක් පෞද්ගලික උපකාරක පංති පැවැත්වීමට සිය නිවසට ගෙන්වා ගත් බාලවයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකකාර ග්‍රාම නිලධාරිවරයා පෙරේදා (02දා) අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.
ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් තම වසම් පුද්ගලයන් පිරිසක් විසින් තමාට අපහාස කරන බව සැකකාර ග්‍රාම නිලධාරිවරයා විසින් අම්බලන්තොට පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුව බාලවයස්කාර දැරියන් දෙදෙනකුට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තම නිවසේ උපකාර පංතිවලට සහභාගීවන අවුරුදු 14 මාස 4ක හා වයස අවුරුදු 14යි මාස 03ක දැරියන් දෙදෙනෙකු මෙලෙස ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට අම්බලන්තොට පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ලබාගත් කටඋත්තර මත හා ස්ථානීය පරික්ෂාවන්ට අනුව දැරියන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණ සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සැකකාර ග්‍රාම නිලධාරිවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමීතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval