The-Taliban-which-reopened-girls-schools-for-the-first-time-in-eight-months-will-close-again-in-24-hours

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් සංවිධානය කාන්තා අධ්‍යාපනය ලබාදීම ඇතුළු බොහෝ පොරොන්දු ලෝකයට ලබා දුන්නේය. මාස 8ක් ගතවී ඇතත් ඒවා ඉටු කිරීමට තලේබාන් රජය අපොහොසත් වී ඇත. බදාදා පළමු වරට බාලිකා පාසල් විවෘත කළ නමුත් පැය කිහිපයකට පසු වසා දමන ලදී.



බදාදා උදෑසන තලේබාන් රජය ගැහැණු ළමයින් සඳහා විවෘත කරන ලද පාසල වසා දැමීමට නියෝග නිකුත් කළේ හේතුවක් නොදක්වමිනි. දැන් මේ දැරියන්ට නැවත පාසල් යාමට හැකිවේද නැද්ද යන ප්‍රශ්නය මතුවෙමින් තිබේ.



අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය නතර විය.
තලේබාන් ප්‍රකාශක ඉනාමුල්ල සාමාග්නි පැවසුවේ බාලිකා පසල් අරින නියෝගයෙන් පසු සිසුන් අතර ව්‍යාකූලත්වයක් ඇති වූ බවය. මෙම පියවර නිසැකවම ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ඔහු කීය.

තලේබාන්වරු 2021 සැප්තැම්බර් මාසයේදී 6 පන්තිය දක්වා ගැහැණු ළමයින් සඳහා පාසල් විවෘත කරන ලදී. 7 වසරේ සිට 12 වැනි පන්තිය දක්වා බාලිකා පාසල් කඩිනමින් විවෘත කරන බව ඉන් පසු කියා තිබුණි.

කාබුල් අගනුවර ඇතුළු පළාත් කිහිපයක ගැහැණු ළමයින් සඳහා පාසල් මාර්තු 23 සිට නැවත විවෘත කරන බව තලේබාන් සංවිධානය නිවේදනය කළේය. කෙසේ වෙතත්, කන්දහාර් ඇතුළු සමහර පළාත්වල පාසල් අප්‍රේල් මාසය වන විට විවෘත කිරීමට සලකා බලමින් සිටියේය. එහෙත් පාසල විවෘත කර පැය කිහිපයකට පසු යළිත් පාසල් වසා දැමීමට නියෝගයක් නිකුත් වුයේ සිසුවියන් අසරණ කරමිනි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමත් සමඟ ඉස්ලාමීය ෂරියා නීතිය පැනවීය. මේ අනුව කිසිම කාන්තාවකට බුර්කාවකින් තොරව පිටතට යා නොහැක.

ඒ වගේම කිසිම ගැහැනියකට තනියම ගෙදරින් එලියට බහින එක තහනම්, ගෑනියෙක්ට එලියට යන්න ඕනි නම් පිරිමියෙක් එක්ක යන්න ඕන. එය සමීප ඥාතියෙකු හෝ පවුලේ සාමාජිකයෙකු විය යුතුය.එය ඔවුනගේ නීතිය විය.