ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තමන්ගේ පක්ෂය ජනපති කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුවට නොයන බව අද (20) කීය.
ඔහු දන්වා සිටියේ මෙම සමුළුවක උවමනාව පැනනැගුනේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස නොවන බවයි.ශ්‍රිලනිප පක්ෂ 11 ක් සමග කැඩීයන්නට උත්සහ කර පසුව ජනපති සමග සාකච්ඡාවක් පැවැත්වූ පසු දේශපාලන උපායක් ලෙස පැනනැගුණක් බවයි.
මීට පෙර රජයන් පවා සර්ව පාක්ෂික නමින් පැවති සමුළු බොහෝ විට ඔවුනගේ න්‍යාය පත්‍ර සකසා අන් අයගේ අදහස් බොරුවට විමසීමට බවද ඔහු කීය.
අර්බුදය පිළිබද දත්ත සියල්ල සගවා ඇති පසුබිමක මේ ගැන සාකච්ඡා කිරීමට අඩගැසීමද ගැටලු සහගත බව කීය. එසේම දැන් අර්බුදය අන්තයකට ගොස් පුපුරා ඇති බවත් සාකච්ඡා කර මෙය ඇතුලේ විසඳුමක් සොයාගැනීමට අවස්ථාවක් නැති තැනට වැටී ඇති බවත් පැවසීය. ජනපති කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුවට නොයන බව අද (20) කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval