
තමා සහ ආදිපාදවරිය "සේවය කිරීමට කැපවී සිටින" බවත් "කැමති දෙයක් කරන ලෙසත් කුමක් කළ යුතු දැයි නොකියන බවත්" ඔහු පැවසීය.
රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය සනිටුහන් කිරීම සඳහා කැරිබියන් රටවල දින අටක සංචාරයකින් පසුව විලියම් කුමරු මෙම ප්‍රකාශය සිදු කළේය.
සංචාරයේදී ජැමෙයිකානු අගමැති රාජකීය යුවළට ප්‍රසිද්ධියේ කියා සිටියේ තම රට "තනිව ඉදිරියට යන්නට කැමති" බවයි.සිය නිදහසේ උවමනාව සඳහන් කරමින් සටන් පාඨ පුවරු රැගත් උද්ඝෝෂණ කිහිපයක්ද මේ දිනවල ජැමෙයිකාවේදී සංවිධානයවී තිබුණි.
මාස හතරකට පෙර බාර්බඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලද අතර රැජින වෙනුවට තේරී පත් වූ ජනාධිපති තනතුරක් පත් කරන ලදි.


