රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් සඳුදා (පෙබරවාරි 28) සවස යුක්රේනයේ ‘අපි හොඳටම කරපු විශේෂ මිලිටරි මෙහෙයුමක්‘ යයි ශීර්ෂ පාඨ යොදමින් හමුදා හෙලිකොප්ටර් ඉලක්ක වෙත පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් කළේය.
මාර්ගයක විනාශ වූ හමුදා උපකරණ ද දර්ශනවල දැක්වේ. වීඩියෝව රූගත කළ ස්ථානය හෝ වේලාව පිළිබඳව අමාත්‍යාංශය සඳහන් කර නැත.
සඳුදා කාර්කිව් වෙත රුසියානු රොකට් ප්‍රහාරවලින් විශාල ගණනක් මිනිසුන් මිය ගිය බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ඇන්ටන් හෙරෂ්චෙන්කෝ පැවසීය. Video පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval