ලෝක රූ රැජින 2021 අද (17) පුවෙටෝරිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් හිදී පැවැත්විණි.මෙවර කිරුළ දිනාගන්නට සමත්වූයේ පෝලන්තයේ කැරොලිනා බිලව්ස්කා සුරූපිනියයි. දෙවැනි තැන ඇමරිකාවටද තෙවැනි තැන අයිවරි කෝස්ට් වෙතද හිමි විය.
කිරුළ දිනූ 22 හැවිරිදි පෝලන්තයේ කැරොලිනා බිලව්ස්කා දැනට කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින සරසවි සිසුවියකි.
නිරූපිකාවක් ලෙස කටයුතු කරන අතරම ඇය අමතර හැකියාවක් වැඩිදියුණු කරගෙන තිබෙන්නේ අභිප්‍රේරණ කථිකයෙකු ලෙසයි. ඇය පෝලන්තයේ රූපවාහිනී වැඩසටහන් මෙහෙය වන්නියක ලෙසද කටයුතු කරන්නීය.
පසුගිය දෙසැම්බර් මාසයේ 2021 ලෝක රූරැජිණ තරගාවලිය මුලින් පවත්වන්නට උත්සාහ ගනු ලැබූ නමුත් කොරෝනා වැළඳුණු තරගකාරියන් කිහිපදෙනෙකු වාර්තාවීම හේතුවෙන් එහි අවසන් තරගාවලි ඉසව් අතහැර දමන්නට සිදුවිය.
අනතුරුව යළි මාර්තු මාසයේ එහි ඉතිරි කොටස පවත්වන්නට යෙදුණි.
මෙම තරගාවලිය නියෝජනය කරන්නට ශ්‍රී ලංකාවෙන් තෝරා යැවූයේ ෂාඩේ ග්‍රීන්වුඩ්ය. මූලික වටයේ ‘බියුටි විත් පර්පස්‘ ඉසව්වේදී සේඩ් පළමු 10 අතරට තේරුණි.
අවසන් වටයේ 40 අතරට ඇය තෝරා පත්කර ගැනුනේ විනිශ්චය මන්ඩලයේ විශේෂ තීරණ මත 20 දෙනෙකු එලෙස තෝරාගත් නිසාය.
මෙවර ලෝක රූ රැජිණ තරගාවලියට 97 දෙනෙකු ඉදිරිපත්වූ අතර මාර්තු මාසයේ පැවති අවසන් වටයේ ඉසව් සඳහා සහභාගී කරගැනුනේ අවසන් 40 දෙනා පමණි.
Comments
Post a Comment
Your comment will be visible after approval