ඉන්ධන අර්බුදයත් සමග පැන නැගී ඇති ප්‍රවාහන ගැටලුව හේතුවෙන් රජයේ සේවකයන් සියයට දහයක් පමණ ඊයේ (2 වැනිදා) දිනයේ සේවයට වාර්තා කර නැතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පුවත්පතකට දන්වා තිබේ.
සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 15ක් වන අතර ඉන් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් සේවයට වාර්තා කර නැතැයි එය අනුව ගණනය කළ හැකිය.
ලංගම හා දුම්රිය සේවාවන් සුපුරුදු පරිදි ධාවනය කෙරෙන නමුත් පෞද්ගලික බස් රථ දහඅටදහසක ප්‍රමාණයෙන් ඊයේද (2 වැනිදා) ධාවනය වී ඇත්තේ ඉන් තුනෙන් එකක පමණ ප්‍රමාණයකි.
කාර්යාල ප්‍රවාහන සේවාවන් සඳහා යොදා ගැනෙන බස් රථවලටද ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සේවයට වාර්තා කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව තිබේ.
ඉන්ධන ගැටලුව නිසා රජයේ සේවකයන් සතියකට දින තුනක් හෝ හතරක් සේවයට කැඳවීම සම්බන්ධව ජාතික කම්කරු උපදේශක සභාවේදී පසුගිය 21 වැනිදා සාකච්ඡා කළද මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval