මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස දන්වා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙවැනි අසත්‍ය කතාවලින් අධෛර්යයට පත් නො වන ලෙසත් , රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා අවශ්‍ය වන වැදගත් කාර්යයන් අඛණ්ඩව කරගෙන යන ලෙසත් ජනපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබෙයි.
“මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරයි.
IMF දූත පිරිස, නිලධාරීන් මේ ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටලු පිළිබඳ පමණි. මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් මම මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇත.”
එහි සඳහන්වේ
Comments
Post a Comment
Your comment will be visible after approval