මහජනතාවට තම COVID-19 එන්නත් තත්ත්වය තහවුරු කර ගත හැකි නව ක්‍රමයක් රජයේ තොරතුරු මධ්‍යස්ථානය විසින් හඳුන්වා දී ඇත.
මහජනතාවට තම එන්නත් තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා 1919 හරහා රජයේ තොරතුරු මධ්‍යස්ථානයට කෙටි පණිවුඩයක් යැවිය හැකිය.
මෙම පද්ධතිය දැනට පවතින COVID-19 එන්නත් කාඩ්පතට පහසු විකල්පයක් ලෙස සැලකේ.
එන්නත් තුනම සම්පූර්ණද දෙකක්ද එකක්ද කිසිවක් නැතිද යන්න එසැණින් පිලිතුරු එස්එම්එස් එකකින් ලැබේ.
මෙම පද්ධතිය උපයෝගයෙන් ඉදිරියේදී පොදු ස්ථාන සඳහා එන්නත් සම්පූර්ණ අය ඇතුළුකිරීමේ ක්‍රමය හඳුන්වාදීමට නියමිතය.
කෙනෙකුගේ Covid එන්නත් තත්ත්වය සත්‍යාපනය කිරීමට පහත පරිදි ටයිප් කර 1919 ට එස්එම්එස් කරන්න
VAC<හිස්තැනක්>NIC අංකය
Comments
Post a Comment
Your comment will be visible after approval