බේකරි නිෂ්පාදන රටපුරා අලෙවි කරන ‘චූන් පාන්‘ ලෙස හඳුන්වන ජංගම රථ 5000ත් 6000ත් අතර සංඛ්‍යාවක් ඉන්ධන නොමැති වීම නිසා නැවතී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. ඇතැම් පාන් රථ අලෙවියේ යෙදී සිටින අතරතුර අතරමඟදී නැවතුණු අවස්ථාද වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය. ඉන්ධන හිඟය නිසා බේකරි කර්මාන්තය අකර්මණ්‍ය වී ඇති බවද ඔහු පැවසීය.
බේකරි පවත්වාගෙන යාමේ දැඩි අසීරු තත්වයකට බේකරි හිමියෝ පත්ව ඇති බවත් එම නිසා බේකරි කර්මාන්තය රැකගැනීම සඳහා මැදිහත්වන ලෙසත් බේකරිවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ක්‍රියාකරන ලෙසත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවත් ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval