හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් ඊයේ පවත්වා තිබෙයි.
යහපාලන රජය පැවති අවස්ථාවේ විජයකලා මහේශ්වරන් මහත්මිය අධ්‍යාපන කටයතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය.
විජයකලා මහේශ්වරන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟකළද එහිදි ආසනයක් ජයග්‍රාහණය කිරීමට නොහැකිවිය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක ද එක්ව සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval