මහජන ආරක්ෂක අමාත්‍ය සරත්වීරසේකර මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි (PSO) වශයෙන් සේවය කරන සහකාර පොලිස් අධිකාරිවරයකු කැති ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා තිබේ.
සහකාර පොලිස් අධිකාරිවරයා පදිංචි මහරගම නිවසේ දී පෙරේදා (23) රාත්‍රියේ පවුල් ආරවුලක් නිසා මෙම තුවාල ඇතිව තිබේ.
ඔහුගේ මස්සිනා (බිරිඳගේ සොහොයුරා) සමගඇතිවූ ආරවුලකින් පසු සහකාර පොලිස් අධිකාරිවරයාට කැත්තකින් පහර දී තුවාල සිදුකර ඇති මස්සිනා පලාගොස් ඇති අතර ඔහුව සොයා පොලිසිය මෙහෙයුම් අරඹා ඇත.
සහකාර පොලිස් අධිකාරිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval