රන්බීර් කපූර් සහ ආලියා භාත්ගේ විවාහය අප්‍රේල් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් කපූර් සහ භාත් පවුල් දෙකේම මෙම විශාල උත්සවය සඳහා මූලික සූදානම ආරම්භ කර ඇති බවත් ඉන්දියා ටයිම්ස් අද දින විශ්වාසදායක මූලාශ්‍ර උපුටමින් වාර්තා කර තිබේ.
ඇතැම් සනාථ නොකළ වාර්තාදක්වා ඇත්තේ ඔවුන් පසුගිය ජනවාරිය අග රහසිගත සාදයක් පවත්වා මිතුරන් ඉදිරියේ විවාහ ගිවිසගන්නා ලද බවයි. කෙසේ වෙතත් විකී කෞෂාල් සහ කත්‍රිනා කයිෆ් දෙන්නා සිනමා රසිකයින්ට සිය මංගල උත්සවය අන්තිම මොහොත වනතුරු සැඟවූ ආකාරයට මොවුන්ද පුදුම කරන විවාහ උත්සවයක් පවත්වනු ඇතැයි ඉඟි පළවේ.
දන්නා අය විශ්වාස කරන්නේ රන්බීර්-ආලියා විවාහ වීමට තෝරාගනු ඇත්තේ රාජස්ථානයේ රන්තම්බෝර්හි දී බවයි, මන්ද ඔවුන් දෙදෙනා වැඩිපුරම නිවාඩුවක් ගත කර ඇති ස්ථානය එය වීමය.
විකී කෞෂාල් සහ කත්‍රිනා කයිෆ් ද ඔවුන්ගේ මංගල ගමනාන්තය ලෙස රන්තම්බෝර් තෝරාගත්තේ ඒ අනුව යමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval