ඉදිරියේදී ඉන්ධන මිලේ විශාල ඉහළයාමක් සිදුවන බවට මීට පෙර අමාත්‍ය උදය ගම්මංපිල කියා තිබුණ අතර අද දින කැබිනට් මාධ්‍ය හමුවේදී මේ ගැන අමාත්‍ය රමේෂ් පතිරණ තහවුරු කිරීමක් කළේය.
අද පෙරවරුවේ පැවතී කැබිනට් තීරන් දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ කීය.
“ලෝක වෙළඳපලේ තෙල් මිල විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙනවා.ඒ යුක්‍රේනය සහ රුසියාව පවතින යුධමය තත්ත්වය හේතුවෙන්.මේ නිසා රට තුළ තෙල් බෙදා හරින සමාගම් දෙකම දැඩි පාඩු ලබනවා.ඒ නිසා ඉදිරියේදී යම් වෙනසක් වෙන්නපුළුවන්,නමුත් අපි තීරණයක් තවමත් අරගෙන නැහැ.ලෝක වෙළඳපලේ තෙල් මිල යළි අඩු වුනොත් එහි වාසිය ජනතාවට ලබා දෙනවා.”
Comments
Post a Comment
Your comment will be visible after approval