ragama-medical-faculty-attack-arundika

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට පැමිණි මැර පිරිසක් එහි සිටි අවසන් වසර සිසුන් පිරිසකට පහරදුන් බව අද (02) අලුයම වාර්තා විය.සිද්ධියෙන් සිසුන් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර මෙම මැර පිරිස කවුරුද යන්න පළමු වාර්තාවේදී හෙළිවූයේ නැත.
වාර්තාවන ආකාරයට මෙම පහරදීම සිදු කර ඇත්තේ එක් සිසුවෙකු ඉලක්ක කරගෙනයි. ඔහු සිටි නේවාසිකාගාරයට වාහනයෙන් පැමිණි තිදෙනෙකුගෙන් යුත් පිරිස ඔහුව නේවාසිකාගාරයෙන් ඉවතට ගෙන පහරදෙමින් රැගෙන ගොස් ඔවුන් පැමිණි වාහනයේ දමාගෙන යන්නට උත්සාහ කර ඇති බව පැවසේ.
නමුත් මෙම පිරිසට ප්‍රතිප්‍රහාර දීම පිණිස වෛද්‍ය සිසු සගයන් පැමිණි අතර ප්‍රතිප්‍රහාර හමුවේ මැරයින් පසුබැස තිබේ.

අවසානයේ වාහනයද අතැර දමා ඔවුන් පළාගොස් ඇත. එක් අයෙකු සිසු අඩස්සියටද පත්විය. පළාගිය දෙන්නා සොයා මෙහෙයුම් සිදුවන අතර අල්ලාගත් පුද්ගලයා සහ තුවාලලත්  සිසුන් 4 දෙනෙකු රෝහල් ගත කෙරිණි.

ඔවුන් පැමිණි KI-2376 දරණ මෝටර් රථය ‘කොකොනට් ඩිවෙලොප්මන්ට්‘ (පොල් සංවර්ධන මණ්ඩලය)

එනම් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයාට අයත් අමාත්‍යාංශයේ වාහනයක් වූ අතර පහරදීමට පැමිණි එක් පුද්ගලයෙකුවූ වාහනයේ රියදුරුගේ මුදල් පසුම්බියේ තිබූ ඔහුගේ රාජකාරි හැදුනුම්පත අනුව ඔහු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ඩීකේ සමරතුංග නමැති සාමාජිකයෙකු බව හෙළිව ඇත.
එම පසුම්බියේ ඩොලර් හා පවුම් කොළද තිබී ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන අතර එක් අයෙකු අත්අඩංගුවේ පසුවේ.