මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (23) පිලියන්දල පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්නද ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි.
ඇය නියෝජනය කරමින් නීතිඥ සරිත් පතිරත්න මහතා පොලිසිය වෙත පැමිණ ස්ථානාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අද දින පුෂ්පිකා ද සිල්වා මහත්මියට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. අද ඇයට පැමිණීමට අපහසු තාවයක් තිබෙනවා. එයට හේතුව චන්දිමාල් ජයසිංහ මහත්මාට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ වරයෙකු සමග නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන නිසයි.
මේ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මෙම මස 28 වෙනි දින පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස ඇයට දින ලබාදෙනු ලැබුවා”
Comments
Post a Comment
Your comment will be visible after approval