තවත් දින කිහිපයක් යනතුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බවට සහතිකවී තිබියදි අද (12) පස්වරුවේ සිට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා විය.
විදුලි බල මණ්ඩලය කියන්නේ එය කප්පාදුවක් නොව හදිසි බිද වැටීමක් බවයි.
ජාතික පද්ධතියෙන් මෙගාවොට් 400ක් පමණ පද්ධතියට අහිමි වීම මෙලෙස විදුලිය විසන්ධි වීමට හේතුවූ බවත්
කැලණිතිස්ස හා කෙරවලපිටිය තාප බලාගාරවල කාර්මික දෝෂයක් ඊට හේතු වී ඇති බවත් ඔවුන් දන්වා ඇත.
විදුලිය අත්‍යවශය සේවාවක් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරේ ඊයේ සිටයි. කෙසේ වෙතත් ඉංජිනේරු සංගමය පවසන්නෙ 1996 සිටම විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval