ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ජී. විජේසිරි මහතාත්, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා
සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ඩී. පාඩිකෝරාල මහතා පත් කර තිබේ.ඒ මහත්වරු අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
කේ.ජී. විජේසිරි මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර එස්.ඩී. පාඩිකෝරාල මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
( ඡායාරූප : රොෂාන් බොතේජු - ජනාධිපති මාධ්‍ය අංශය)
Comments
Post a Comment
Your comment will be visible after approval