අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලිය සඳහා සහභාගී නොවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත දැනුම් දී තිබූ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.
ඊට හේතු වී ඇත්තේ පොහොර ගැටලුව මත කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවි ජනතාවගේ දැඩි විරෝධයට මේ දිනවල ලක්ව සිටීමයි.
ජනාධිපතිවරයාද සිටින වේදිකාවක කෘෂිකර්ම අමාත්‍යවරයාට යම් විරෝධයක් පෑමට ජනතාව කටයුතු කළ හොත් එය එතරම් සුදුසු නොවන නිසා මෙම පියවර ගෙන තිබූ බවද සඳහන් වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කතිකයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම තීරණය අනුව මෙවර අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති රැස්වීම සඳහා සහභාගී වූයේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval