ඔහු අනියම් ඇසුර පවත්වා ඇත්තේ CNN හි විධායක උප සභාපති සහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනිය වූ ඇලිසන් ගොලුස්ට් නමැත්තිය සමගිනි.
සභාපති Zucker සහ අලෙවිකරණ නිලධාරිනිය Gollust යන දෙදෙනාම මුල් කසාද වලින් දික්කසාද වී ඇත. සකර් වසර 21 ක තම බිරිඳ වන කැරන් දික්කසාද කළේ මහත් ආන්දෝලනතාමක පුවත් මවමින් "වෙන්වීම" වාර්තා වීමෙන් පසුවය.
මේ වනවිට සකර් සහ ගොලුස්ට් ජීවත් වන්නේ ඉහළ නැගෙනහිර පැත්තේ එකම මෑන්හැටන් මහල් නිවාසයේ බව ‘ද සන්‘ වාර්තා කර තිබේ.
අභ්‍යන්තර විනය පරික්ෂණයට ලක්වූ පසු සභාපති සිය සම්බන්ධතාවය හෙලි කළ අතර තනතුරින් ඉවත්වීමට තීරණය කළේය.
ඔහු ආයතනයට ‘මෙමෝ‘ පනිවිඩයක් නිකුත් කරමින් මේ ගැන පැහැදිලි කිරීමක්කර ඇත.
කෙසේ වෙතත් මෙවන් සම්බන්ධයක් නිසා දෙන්නාගෙන් එක් අයෙකුට පමණක් ඉවත්වීමට සිදුවන නමුත් අනෙත් කෙනාට ආයතනයේ වැඩ කිරීමට ගැටලුවක්නැත. ඒ අනුව ඇලිසන් ගොලුස්ට් තවදුරටත් සීඑන්එන්හි සේවය කරනු ඇත.
ඉල්ලා අස්වූ සභාපතිවරයා සටහනක් තබමින් මෙසේ කීවේය.
"මෑතකදී, Covid කාලය තුළ අපගේ සම්බන්ධතාවය වෙනස් විය. අපි එය නියම වේලාවට හෙළි නොකිරීම ගැන මම කනගාටු වෙමි. CNN හි මගේ කාලය ගැන මම ඇදහිය නොහැකි තරම් ආඩම්බර වන අතර අපි එදිනෙදා කරන විශිෂ්ට කාර්යය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වෙමි."
Comments
Post a Comment
Your comment will be visible after approval