ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඩීසල් තොග නොමැති බව ඊයේ (22) පස්වරුවේ එම සමාගමේ ආරංචි හෙළි කළේය.
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළගාවී දින තුනක් ගතවී තිබුණ ද එහි ඇති ඩීසල් තොගය ලබාගැනීම සඳහා ඩොලර් නිදහස් නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇත.
සෙනසුරාදා ළගාවූ පෙට්‍රල් නෞකාවේ තොගය ලබාගැනීමට හැකිවීම නිසා දින කීපයකට පෙට්‍රල් තොග පවතින අතර එහිදීද 92 පෙට්‍රල් තිබුණත් 95 පෙට්‍රල් ප්‍රමාණවත් නොවන තත්වයක් පෙන්නුම් කර ඇත.
සාමාන්‍ය කාලයකදී මාසකට ඉන්ධන නෞකා පහක් හෝ හයක් ළගා වන අතර මෙම ඉන්ධන ප්‍රශ්නය නිසි කලට රජය විසඳීමට අපොහොසත්වීම නිසා අදාළ යාන්ත්‍රණයම කඩා වැටී ඇත.
පෙට්‍රල් ලබාගැනීමට ද ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.
රට පුරා ඉන්ධන පිරවුම්හලවල ඊයේ (22) පෙරවරුව වන විට ඩීසල්ද නොමැති තත්වයකට පත්ව තිබූ අතර මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ඇතුළු සේවාවන් රැසක් අඩපණ විය.
මේ අතර ප්‍රමාදවී තීරණ ගන්නා රජය ඊයේ රාත්‍රී දන්වා තිබුනේ ඩොලර් නිදහස් කිරීමට කැමති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval