බොරැල්ලේ දේවස්ථානයකදී හමුවූ අත්බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ්‍යක් සිදුනොවීම නිසා කාදිනල් හිමියන් ජාතික නිදහස් උළෙල වර්ජනය කරන බව කතෝලික සභාවේ , මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.
ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කෙසේ වෙතත් නිදහස් දිනය වෙනුවෙන් පල්ලිවල පවත්වන පූජා වල වෙනසක් නැති බවත් දන්වා ඇත.
සෑම වසරකම නිදහස් දිනයේදී බොරැල්ලේ දේවස්ථානයකදී පැවති පූජාවට කාදිනල් හිමි සහභාගී වූ නමුත් අසාධාරන ලෙස පිරිස් තලා පෙළා දමමින් එහි බෝම්බ සිද්ධිය කතෝලිකයන්ගේ සිත් රිදවා ඇති බව දක්වමින් මෙම වර්ජනය සිදු කරන බව දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval