
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට හා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරු වී ඇති මන්ත්‍රීවරුන් ගණන 51ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇත.
ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසකට ද කොවිඩ් ආසාදනය වූ බවට වාර්තා විය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මේ වනවිට කොවිඩ් ආසාදනය වී සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval