ප්‍රකට ඉන්දීය නළු අනිල් කපූර් මේදිනවල ශ්‍රී ලංකාවේ බෙන්තොට හා ඒ ආශ්‍රිත කාලය ගතකරමින් සිටියි. ඔහු පැමිණ ඇත්තේ ‘ද නයිට් මැනේජර්‘ ඉංග්‍රීසි ටෙලි චිත්‍රපටයේ හින්දි අනුවාදයට අදාළ නව නිෂ්පාදනයේ රූගත කිරීම් සඳහාය.
ඔහු සමග ප්‍රකට නලු ආදිත්‍ය රෝයි කපූර් ඇතුළු නළු නිළි කන්ඩායමක් මේ දිනවල දකුණු පළාතේ බෙන්තොට ඇතුළු විවිධස්ථානවල සංචාරය කරති.
ඔහු ලංකාව අගය කරමින් සිය සමාජ මාධය ගිණුම්වල පෝස්ටුද පළ කර ඇති අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තල්ලුවක් සපයා ඇත. ඔහු වෙරළේ සිටියදී ව්‍යායාමයන්හි නිරතව සිටියදී මෙන්ම ජෙෆ්රිබාවා වතුයායේ අරලිය ගසක් අසළ සිට සමූහ ඡායාරූපයකට පෙනී සිට තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval