හයිලෙවල් මාර්ගයේ හෝමාගම ප්‍රදේශයේ දී යතුරුපැදියක් පුද්ගලයෙකුගේ ගැටීමෙන් අද (12) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
හෝමාගම දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගත් පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ යුද හමුදා සෙබලෙක් බව වාර්තා වේ.
ඔහු පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval