The-youth-who-came-to-repair-the-private-hospital-in-Kollupitiya-broke-into-the-safe-and-took-Rs-1.1-million

ඉකුත් වසරේ ඔක්තෝබර් මස කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික රෝහලක පිළිසකර කිරිම් කටයුත්තකට  පුද්ගලයන් කීපදෙනෙකු සමග පැමිණි තරුණයෙකු එම පුද්ගලයන්ට ද හොර රහසේ සේප්පුවට මිටියකින් පහර දී එහි තිබූ රුපියල් ලක්ෂ 11ක මුදලක්  සොරාගෙන පළාගොස් තිබූ අතර හු සේවය කළ ආයතනයේ ඉන්පසු වැඩට පැමිණ නැත.


මෙම පුද්ගලයාගේ ලියාපදිංචි දත්ත ආයතනයේ පැවතීම හේතුවෙන් පොලිසිය සෝදිසියෙන් සිට එම ස්ථාන පරීක්ෂා කර තිබූ අතර කලින් කල තැන්තැන්වල සැඟව සිටි බව කියන මොහු පහසුවෙන් අල්ලාගන්නට බැරිව ගොස් තිබේ.
අනතුරුව පොලිස් කොස්තාපල්වරියක යොදවා ඔහුගේ දුරකථන අංකයට කතා කර ඔහු සමග අනියම් පෙම් සබඳතාවයක් ගොඩනනගාගෙන ඇති අතර උපායශීලී ලෙස සැකකරු කොළඹට ගෙන්වාගෙන අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත්ව තිබේ.

වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.‍ෙ
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ සොරා ගත් මුදල් රුපියල් 275,000 ක් තිබී ඇති අතර අනෙක් මුදල් භාණ්ඩ මිලට ගැනීමට හා පෙම්වතියකගේ අවශ්‍යතාවයකට ලබාදුන් බව පාපොච්චාරණය කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.