ලොව ඔප දැමූ විශාලතම දියමන්තිය ලෙස සැලකෙන, වසර බිලියනයක් පමණ පැරණි, Enigma නමින් හැඳින්වුණු කළු දියමන්තිය පසුගියදා පැවැති වෙන්දේසියකදී පවුම් මිලියන 3.16කට අලෙවි වී ඇතැයි වාර්තා වෙයි. කැරට් 555.55ක වටිනාකමක් ගන්නා මෙම දියමන් තියේ බර කෙසෙල් ගෙඩියක බරට සමාන බව පැවසෙයි.
එක්සත් ජනපදයේ නිව්යයෝක් නුවර පිහිටි Sotheby's වෙන්දේසි මන්දිරයේදී එය මෙලෙස වෙන්දේසියට ලක්ව තිබේ. එහිදී මෙම දියමත්තිය සදහා පවුම් මිලියන 4.4ක වටිනාකමක් හිමිවෙනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණි. මෙම දියමන්තිය සම්බන්දයෙන් විවිධ අදහස් පවතින අතර, බොහෝවිට එය පෘථිචිය වෙත වැටුණු ග්‍රාහක කැබැල්ලකට අයත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම වෙන්දේසි සමාගමට අනුව එම මිලදී ගැනීම සඳහා ක්‍රිප්ටෝමුදල් ඒකක මගින් කිරීමට ගැනුම්කරුවා කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම වෙන්දේසියෙන් අනතුරුව එහි ගැනුම්කරුවා පිළිබදව අනාවරණය කෙරුණු අතර, අද වනවිට ක්‍රිස්ටෝමුදල් ඒකක පිළිබද සමාගමක් හිමි රිචර්ච් හාර්ට් එම පුද්ගලයා විය. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම තුළ මේ මිලදී ගැනීම පිළිබදව සදහන් කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval