රුසියානු ආක්‍රමණයකට ලක්ව ඇති යුක්රේනය සම්බන්ධ ආරවුල ගැන ශ්‍රී ලංකාව රටක් වශයෙන් දරන මතය ගැන අද විශේෂ දැනුම් දීමක් කිරීමට
විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ කටයුතු කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) උදෑසන පැවති මාධ්‍ය හමුවකට පැමිණි ඔහු මෙසේ කීය.
‘යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අප අනුමත කරන්නෙ නැහැ. රුසියාව හා යුක්රේනයේ තත්ත්වය පිලිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් සිටිනවා. අපි කාටවත් නැහැ.,එහිදී නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
මෙහිදී නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය තුලින් රුසියාව අනාරක්ෂිත වීමේ ගැටලුව ද සැලකිල්ලට ගත යුතුයි.
යුක්රේනයේ බෙදුම්වාදී ඩාන්යෙක් සහ ලුහාන්ස්ක් ප්‍රාන්ත රුසියාව විසින් වෙනම රාජ්‍යයන් ලෙස අප තවම පිළිගෙන නැහැ. ඓතිහාසික හෝ දේශපාලනමය වශයෙන් යුක්රේනයේ තත්ත්වය ශ්‍රී ලංකාවට සම කළ නොහැකියි.ඒ ගැන ගැඹුරින් බැලිය යුතුයි.
කොහොම වුණත් අපි කාගෙවත් පැත්තක නැහැ ඒක පැහැදිලියි.‘
Comments
Post a Comment
Your comment will be visible after approval