පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලබේ තලංගම හරහා නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු හතරකින් යුත් අධිවේගී මාර්ගයක් ඉදි කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (21 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පරිසර යුක්ති කේන්ද්‍රය සමග තලංගම අවට පදිංචිකරුවන් වන ඉන්දික ගුණසේකර සහ ඊ. ඩී. සමරක්කොඩි ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.
විනිසුරු මඬුල්ල සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සහ ජාතික පරිසර ප්‍රතිපත්තියේ විධිවිධාන සලකා බැලීමෙන් පසු එම අධිවේගී මාර්ගයේ ඉදි කිරිම තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බවය.
තවද නව අධිවේගී මාර්ගය ඉදි කිරීමට පෙර පාරිසර වාර්තාවක් ලබා ගෙන නොතිබීම ගැන අධිකරණය අවධානය යොමු කළ බව ද නියෝගයේ සඳහන් වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval