'කොවිඩ් 19" තෙවැනි එන්නත් මාත්‍රාව එසේත් නැතිනම් “බූස්ටර්' එන්නත ලබා ගත් අබුඩාබි වැසියන්ට සිවුවැනි එන්නත් මාත්‍රාවක් “සයිනෝෆාම්” හෝ “ෆයිසර්" හෝ ලබා දීමට සූදානම් බව අබුඩාබි මහජන සෞඛ්‍ය ඒකකය නිවේදනය කර තිබේ. සිවුවැනි එන්නත් මාත්‍රාව ලබා දීම සිදුවුනු ඇත්තේ ඔමික්‍රෝන් වයිරස විකෘතියෙන් එල්ල වන බලපෑම නිසා යැයි අබුඩාබි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. පළමු සහ දෙවැනි මාත්‍රා ලෙසත් තෙවැනි බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙසත් අබුඩාබි වැසියන්ට ‘සයිනෝෆාම්' එන්නතක් ලබා දීම සිදුවෙයි.
මෙය විශේෂ 'සයිනෝෆාම්' බූස්ටර් මාත්‍රාවකි. ඊට අමතරව, “සයිනෝෆාම්' එන්නත් මාත්‍රා ලබා ගත් පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නතේ විශේෂ මාත්‍රාවක් ද ලබා දීම සිදුවෙයි.
සිවුවැනි 'කොවිච් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ, තෙවැනි බූස්ටර් මාත්‍රාව (සයිනෝෆාම් හෝ ෆයිසර් ලබා ගෙන මාස 6 ක් ගතවීමෙන් පසුව යැයි අබුඩා සෞඛ්‍ය අංශ නිකුත් කළ නිර්වේදනයක සඳහන් වෙයි. පළමු සහ දෙවැනි මාත්‍රා සහ බූස්ටර් මාත්‍රාව ලෙස 'ෆයිසර්' එන්නත ලබා ගෙන ඇති නම්, සිවුවැනි මාත්‍රාව ලෙස යළිත් "ෆයිසර්" මාත්‍රාවක් ලබා ගැනීම කළ හැකිය.
එසේ කළ හැකි වන්නේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස 'ෆයිසර්" එන්නත් මාත්‍රාව ලබා ගෙන මාස 6 කට පසුවය. පළමු දෙවැනි සහ තෙවැනි එන්නත් මාත්‍රා ලෙස ‘ෆයිසර්" ලබා ගත් අයට ද මාස 6 කට පසු සිවුවැනි එන්නත් මාත්‍රාව ලෙස 'ෆයිසර් ලබා ගැනීම කළ හැකි බව අබුඩාබි සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත. 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වුවහොත් අවදානමක් ඇති විය හැකි ප්‍රතිශක්ති ඌණතාවලින් පෙළෙන පුද්ගලයන්ට තෙවැනි බුස්ටර් එන්නත ලබා ගෙන මාස 4 කට පසු සිවුවැනි එනත් මාත්‍රාව ලබා ගැනීමට හැකි යැයි සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval