මුලතිව්, පුදුමාතලන් වෙරළේ වැලි අතර සැඟව පැවති ට්‍රැක්ටරයක කොටස් මතුව ඇති බව වාර්තාවේ. ට්‍රැක්ටරයක පසුපස රෝද හා ට්‍රැක්ටරයේ බඳ කොටස් කිහිපයක් වැල්ලෙන් මතුපිටට පැමිණ ඊයේ (08) දැක ගැනීමට ලැබී ඇති අතර ප්‍රදේශවාසීන් ඒ බව පොලිසියට දන්වා ඇත.
යුද සමයේ මුහුදේ ගසාගෙන ගිය හෝ සුනාමි ව්‍යාසනය අවස්ථාවේ මුහුදට ගසාගෙන ගිය ට්‍රැක්ටරයක කොටස් එලෙස වෙරළට ගසාගෙන එන්නට ඇති බවට සැක කෙරේ.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මෙම ට්‍රැක්ටර කොටස් ගොඩ ගැනීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval