power-cut-starts

රාත්‍රී කාලයේ ගෑස් වලින් ඉවුම් පිහුම් වෙනුවට විදුලියෙන් ඉවුම් පිහුම් වලට මාරුවී ගහෙන් වැටුණ පාරිභෝගිකයින්ට ගොනා අනිමින් අඛණ්ඩ විදුලි කප්පාදුවක් සිදු කරන බව රජය දන්වා ඇති අතර වරද පටවා ඇත්තේ පුද්ගලික අංශයේ බලාගාරයකටය.


අද සිට රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවන  බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා කාලය තුළ මෙම කප්පාදුව යෝජිත කාලසටහනට අනුව සිදුවේ.
කෙසේ වෙතත් මෙම කප්පාදුවට හේතුව ‘ඊයේ සිදුවූ ප්‍රශ්නයක්‘ නිසා පමණක් බවට අමාත්‍යංශය හේතු දක්වා තිබීම තරමක් ව්‍යාකූලය.



කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති දන්වා ඇත. එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන බවත් ඔහු කියා ඇත.
විදුලි කප්පාදුවට කාලසටහන් ගැසුවත් පෙනෙන මානෙක කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල ඇමති පෙරේදා කියා තිබූ අතර මෙම තීරණය හදිසියේ ඇතිවූවක් ලෙස අමාත්‍යංශය විස්තර කරන්නේ එම පසුබිමේය.
මීට ටික දිනකට පෙර නොදන්වා විදුලි කප්පාදුවක්ද සිදුවූ අතර එසේ නොකරන බවට ජනපතිවරයා උපදෙස් දුන් පසු දැන් වෙනත් හේතු දැක්වීම මත විදුලි කප්පාදුව සිදුකරන බවක් පෙනී යයි.
බොර තෙල් ගෙන්න ඩොලර් නැතැයි කියා පසුගිය 3 වනදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා කැලණිතිස්ස තෙල් බලයෙන් ක්‍රියාකරන යන්ත්‍ර පණගැන්විය නොහැකිවීම, නොරොච්චෝලෙ බලාගාරයේ කොටසක් අක්‍රීයවී එම ධාරිතාවය නොලැබී යාම වැනි හේතු දැක්වීම් මෙහිදී හෙළි කර නැත.
කාලසටහන පහතින්




covid-world-report